රට තුළ පවතින විදුලි, ගෑස් සහ ඉන්ධන අර්බුද හේතුවෙන් සාමාන්ය ජනතාව දැඩි ජීවන අරගලයකට මුහුණ දී සිටින බවත්, වේදිකාවල කියන කතාවලට වඩා ජනතාවගේ සැබෑ තත්ත්වය මෙයින් පැහැදිලි වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
නොරොච්චෝලේ බාල ගල්අඟුරු ගනුදෙනුව හේතුවෙන් සිදුවූ රුපියල් බිලියන ගණනක පාඩුව, ගෘහස්ථ ගෑස් හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා සමස්ත ආර්ථිකයටම සහ පාරිභෝගිකයාට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. හුදෙක් තාවකාලික විසඳුම් හෝ පැහැදිලි කිරීම් ලබාදෙනවා වෙනුවට බලශක්ති ආනයනයේ විනිවිදභාවය, සැපයුම් අඛණ්ඩතාව සහ මහජන මුදල් පිළිබඳ වගවීම තහවුරු කරන ප්රායෝගික වැඩපිළිවෙලක් රජය විසින් වහා සකස් කළ යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















