කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්රීන් පාත් පරිශ්රයේ පැවැත්වෙන “Sri Lanka Skills Expo 2026” ප්රදර්ශනය හේතුවෙන් එම ප්රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව තිබේ.
අද (21) රාත්රී 10.00 සිට ඔක්තෝබර් 25 වැනිදා රාත්රී 10.00 දක්වා මෙම ප්රදර්ශනය පැවැත්වෙන අතර, එම කාලය තුළ අදාළ මාර්ගය වසා තැබීමට නියමිතය.
මේ හේතුවෙන් පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාවන්හිදී මෙන්ම සතියේ දිනවල සවස් කාලයේදී කොළඹින් පිටවන රථවාහන සඳහා ද තදබදයක් ඇති විය හැකි බව පොලීසිය සඳහන් කරයි. මල්පාර කාන්තා විද්යාලය, තර්ස්ටන් විද්යාලය සහ රාජකීය විද්යාලය වෙත ගමන් කරන රථවාහන හේතුවෙන් ද මෙම තත්ත්වය තවදුරටත් බලපෑ හැකිය.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව පුස්තකාල වටරවුමේ සිට මාර්කස් ප්රනාන්දු මාවත ඔස්සේ ග්ලාස් හවුස් සහ නන්දා මෝටර්ස් හරහා හෝර්ටන් වටරවුම දක්වා ගමන් කළ හැකිය.
එමෙන්ම ධර්මපාල මාවත ඔස්සේ රතුකුරුස වටරවුම වෙත පැමිණ ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීමට අපේක්ෂා කරන රථවාහන, පවතින තදබදය අනුව එෆ්.ආර්. සේනානායක මාවත සහ සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත ඔස්සේ හෝර්ටන් වටරවුම දෙසට යොමු කිරීමට නියමිතය.
මාර්කස් ප්රනාන්දු මාවතට අමතර රථවාහන එක්වීමෙන් ඇති විය හැකි තදබදය හේතුවෙන් නිදහස් මාවත, හෝර්ටන් වටරවුම සහ කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම දක්වා ගමන් කරන රථවාහනවලට ද බලපෑම් ඇති විය හැකි බැවින්, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















