ත්රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනෙකු වත්තල ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලීසිය සමත්ව තිබේ.
2026 ඔක්තෝබර් 15 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊයේ (20) දහවල් බම්බලපිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ත්රිරෝද රථ එන්ජින් 5ක්, ත්රිරෝද රථ චැසි 2ක්, ත්රිරෝද රථයක්, යතුරුපැදියක් සහ අංක තහඩු කිහිපයක් සොයාගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන වත්තල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















