අඟුරුවාතොට, දෙල්ගහවත්ත ප්රදේශයේදී T56 වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 16ක් සහ මැගසිනයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) උදෑසන ලද තොරතුරක් මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන අඟුරුවාතොට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















