2026 ඔක්තෝබර් 21 වැනිදා උදෑසන ගොවිඳුපුර පොලිස් වසමේ පල්ලම්ඔය ප්රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගොවිඳුපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ත් 56ත් අතර පසුවන අතර, ඔවුන් මොණරාගල, රත්නපුර, උහන සහ බඩල්කුඹුර ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගොවිඳුපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















