දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට ලැබෙන ජල ප්රමාණය ඉහළ යාමත් සමඟ වාන් දොරටු 6ක් විවෘත කර ජලය මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, වාන් දොරටු දෙකක් අඩි 3 බැගින්ද, තවත් වාන් දොරටු දෙකක් අඩි 2 බැගින්ද, ඉතිරි වාන් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. මේ වන විට තත්පරයකට ඝන අඩි 8,400ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහරින බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය පහළ ප්රදේශවල ගඟ ආශ්රිතව පදිංචි ජනතාව ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂවරයා දැනුම් දෙයි.
















