මෙරට ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ සහ “ආරෝග්යා සුවතා මධ්යස්ථාන” ව්යාපෘතිය ශක්තිමත් කිරීම සඳහා පවුලේ වෛද්යවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී පැවැත්වී තිබේ.
ශ්රී ලංකා පවුලේ වෛද්යවරුන්ගේ විද්යාලයේ නිලධාරී මණ්ඩලය සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ජාතික සෞඛ්ය ප්රතිසංස්කරණ ක්රියාවලිය සඳහා පවුල් වෛද්ය ක්රමය ඵලදායී ලෙස දායක කරගැනීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඇත.
ප්රාථමික සෞඛ්ය සේවාව නවීකරණය කිරීම සඳහා කරුණු පහකින් සමන්විත යෝජනාවලියක් ද මෙහිදී ඉදිරිපත් කර තිබේ. පළපුරුදු පවුලේ වෛද්යවරුන්ගේ විශේෂඥ දැනුම හා යටිතල පහසුකම් යොදාගැනීම, වෛද්ය නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීම, රෝගීන් යොමු කිරීමේ ක්රමවේද විධිමත් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය ප්රාථමික සෞඛ්ය සේවයට එක් කිරීම ඒ අතර වේ.
සමස්ත සෞඛ්ය සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ වෘත්තීය දායකත්වය ලබාගනිමින් අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කර ඇත.
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන් සහ ශ්රී ලංකා පවුලේ වෛද්යවරුන්ගේ විද්යාලයේ සභාපතිනී වෛද්ය පුෂ්පා වීරසිංහ, ලේකම් වෛද්ය සංඛ රන්දෙනිකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
















