පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් දොරටු 8ක් විවෘත කර තිබේ.
ඒ අනුව, තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බව සඳහන් වේ.
මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ ද එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. ඊයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (22) අලුයම වනතෙක් වාන් දොරටු දෙකක් විවෘතව පැවති අතර, ඉන් එක් දොරටුවක් අද අලුයම ස්වයංක්රීයව වැසී ගොස් තිබේ.
තවදුරටත් ජල පෝෂක ප්රදේශවලට තද වැසි ඇදහැලුණහොත් සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බැවින්, ඉහළ කොත්මලේ ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවෝ දැනුම් දෙති.














