වස් කවියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලිසිය තරුණයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සහ වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් කැඳවූ වාර්තාවට අනුව, වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ද නොමැති බව පොලිසිය සඳහන් කරයි.
නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් දෙමටගොඩ පොලිසිය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.














