ජාතික ජන බලවේගයට බලය හිමි කිරින්ද පුහුල්වැල්ල ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු තිහගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාතර මහේත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ. කිරින්ද නගරයේ වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීමේ ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යැයි පවසමින්, එම ප්රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ අසල්වැසි ඉඩමක සිදුවූ ඉදිකිරීමක් මුල් කරගනිමින් කාන්තාවක් සහ ඇගේ පුත්රයා ප්රාදේශීය සභාවට කැඳවා මෙම හිංසා කිරීම සිදු කර ඇති බව සඳහන් වේ.
මානව හිමිකම් කොමිසමේ දැනුම් දීමක් කර ඇති බව පවසමින් සභාපතිවරයා විසින් ඔවුන්ව ප්රාදේශීය සභාවට ගෙන්වා, කාමරයක සිරකර තබා හිංසනයට ලක් කර ඇති බවට අදාළ කාන්තාව සහ පුත්රයා තිහගොඩ පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව, තිහගොඩ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ප්රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන මාතර මහේත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැර ඇත.














