කෙන්යාවේ නයිරෝබි අගනුවර ඊස්ට්ලී ප්රදේශයේ ඉදිකරමින් පැවති මහල් 13 ක ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඊයේ (23) පස්වරුවේ 9 වැනි වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ එම ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, වහාම ක්රියාත්මක වූ බලධාරීන් විසින් මුදාගැනීමේ සහන මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටීම හේතුවෙන් එහි සුන්බුන් අතර පුද්ගලයන් කිහිපදෙනෙකු සිරවී සිටිය හැකි බවට දැඩි සැකයක් මතුව ඇත. අනතුර සිදුවූ ස්ථානයට පිවිසෙන මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වූ ප්රදේශවාසීන් පාලනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.














