බෙංගාල බොක්කේ උතුරු අන්දමන් දූපත් ආසන්නයේ ඇතිවූ අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කළ අනාවැකියට අනුව, එම පද්ධතිය ඔක්තෝබර් 24 වැනිදා වන විට පීඩන අවපාතයක් බවටත්, 25 වැනිදා වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත් වර්ධනය විය හැකිය. ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශයේ සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් ද පවතී.
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළද, ඒ හා සම්බන්ධ සුළං ප්රවාහය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි වැඩි විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
















