ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි තොරතුරු හේතුවෙන් නොමඟ නොයන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිල මූලාශ්‍ර මඟින් තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කරගැනීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙසද ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.












