ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය දැඩි ලෙස විවේචනය කරමින් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, වත්මන් පාලනය තුළ අවුල් සහගත බව, කෲරත්වය, දූෂණය සහ අදක්ෂතාව පවතින බවට චෝදනා කර තිබේ.
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයට පෙර ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා ඔබාමා ඔක්තෝබර් 24 වැනිදා ඔහියෝ සහ මිචිගන් ප්‍රාන්තවල පැවැති ප්රචාරක රැලිවලට එක්විය.
ඔහියෝහි ක්ලීව්ලන්ඩ් නුවර පැවැති රැලියේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පසුගිය වසර දෙක තුළ තමන් විස්තර කළ ආකාරයේ පාලන තත්ත්වයකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ඡන්දදායකයන්ට මැතිවරණයෙන් අවස්ථාව ලැබෙන බවයි.
ඉහළ යන ජීවන වියදම සහ ඉන්ධන මිල පිළිබඳව ද අදහස් දැක්වූ ඔබාමා, ට්‍රම්ප් පාලනයේ තීරණ ජනතාවගේ ආර්ථික පීඩනයට හේතු වී ඇති බවට චෝදනා කළේය. ඉරානය සම්බන්ධ යුද්ධයට එක්වීම ද ඔහු විවේචනය කළේ අනවශ්‍ය තීරණයක් ලෙස හඳුන්වමිනි.
ඔහියෝහිදී ඔහු ඩිමොක්රටික් සෙනෙට් අපේක්ෂක ෂෙරඩ් බ්‍රවුන් සහ ආණ්ඩුකාර ධුර අපේක්ෂිකා ඇමී ඇක්ටන්ට සහාය පළ කළ අතර, මිචිගන්හිදී සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ්ට සහාය දැක්වීය.
මෙවර මධ්‍යකාලීන මැතිවරණයේදී කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය සම්බන්ධයෙන් තීරණාත්මක තරග පැවැත්වෙන අතර, ඩිමොක්රටික් පක්ෂය එම සභා දෙකෙන් එකක හෝ බලය ලබාගැනීමට උත්සාහ කරයි.













