ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බව වාර්තා වේ.
ඔක්තෝබර් 23 වැනිදා පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ අතර, පසුව එක් දොරටුවක් ස්වයංක්රීයව වැසී ගොස් ඇති බව වාර්තා කර තිබේ.
ඉදිරියේදීත් ජල පෝෂක ප්රදේශවලට තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවරුන් අනතුරු අඟවා ඇත.
ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචි ජනතාවට ගඟේ ජල මට්ටම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත් දැනුම් දී තිබේ.
ජලාශයේ වාන් දොරටු විවෘතවීම හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ගඟ අසල පහත් බිම්වලට යාමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.














