1970 දශකයේ ජනප්රිය වූ “McMillan & Wife” සහ 1980 දශකයේ විකාශය වූ “Kate & Allie” ටෙලිනාට්ය මාලා හරහා ලෝකප්රකට වූ අමෙරිකානු රංගන ශිල්පිනී සුසාන් සේන්ට් ජේම්ස් (Susan Saint James) අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඇය 80 වැනි වියේ පසුවූ බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අග්න්යාශ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඇය ඊයේ දිනයේදී අවසන් හුස්ම හෙළා ඇති බව ඇගේ නියෝජිතයා උපුටා දක්වමින් වාර්තා වේ.
1946 අගෝස්තු 14 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී සුසාන් ජේන් මිලර් (Susan Jane Miller) ලෙස උපත ලැබූ ඇය නව යොවුන් වියේදී පැරිස් නුවරින් නිරූපණ ක්ෂේත්රයට පිවිසියාය.
වයස අවුරුදු 20දී ලොස් ඇන්ජලීස් වෙත යළි පැමිණි ඇය Universal Studios සමාගම සමඟ ගිවිසුම්ගත වෙමින් සිනමා හා රූපවාහිනී ක්ෂේත්රයට පිවිසියාය.
1968දී විකාශය වූ “The Name of the Game” ටෙලිනාට්ය මාලාවේ පෙගී මැක්ස්වෙල්ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් 1969 වසරේදී ඇය කීර්තිමත් එමී (Emmy) සම්මානයෙන් පිදුම් ලැබුවාය.
















