ගිං ගඟ ද්රෝණිය සඳහා පනවා තිබූ ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ගිං ගඟ ආශ්රිත පහත්බිම්වල සහ අවදානම් ප්රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙසත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දී තිබේ.
















