දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව, විභාගය සඳහා නොවැම්බර් 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ මහතා බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයක පුහුණුවක් සඳහා යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.
















