• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

13 September 2018
in දේශීය
පසුගියදා මහනුවර පැවැති ගැටුම සම්බන්ධයෙන්  රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් මෙහෙයුවක් බව පවසන ලෙස  නියෝජ්‍ය පොලිස්පතිවරයකු තමාට පැවැසූ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා  පවසයි. 
මහනුවරදී මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා තනතුර ලබා ගන්න දැනට ඒ තනතුරේ ඉන්න පුද්ගලයා නෙරපා හරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කටයුතු කරන බවයි. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කුමාර මහතා මහතා ” පසුගියදා මහනුවර සිංහල – මුස්ලිම් ගැටුමක් ඇති වුණා. එයට සම්බන්ධ යැයි කියමින් “මහසොහොන්” බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වුණා. මේ අත්අඩංගුවට ගැනීමේදී අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ගැන විශේෂ හෙළිදරව්වක් කිරීමට අද අප කටයුතු කරනවා. ඒ අත්අඩංගුවට ගැනීම් මානුෂිකව සිදුවුණා කියා පිළිගන්න හැකියාවක් නැහැ. මොහුගේ අභිමතාර්ථයන්ට අනුවයි මේ අත්අඩංගුවට ගැනීම් සිදුවුණේ.

එයට සාක්කි අපි ළඟ තිබෙනවා. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දූෂිත නිලධාරියෙක්. මම යම් ත්‍රස්තවාදී කටයුත්තක් පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා. එතුමා මට ඒ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර දුන්නා. මම එතුමාත් සමඟ කටයුතු කරන අවස්ථාවේදී රොහින්ග්‍යා සිද්ධිය සම්බන්ධයෙන්ද එතුමා මගෙන් උදවු ඉල්ලුවා. එතුමා කිව්වා මේ අය ගත්තොත් මට පොලිස්පතිවරයා වෙන්න පුළුවන්. එවිට අපි දෙන්නටම හොඳයි කියලා.

මොහු පොලිස්පති වීමේ සිහිනයෙන් රාජකාරි කරනවා නම් එතැන යම් ප්‍රශ්නයක් තිබෙනවා. මේ පුද්ගලයා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ තනතුර ලබා ගන්න දැනට ඒ තනතුරේ ඉන්න පුද්ගලයා නෙරපා හරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කරනවා. ඒ පිළිබඳව මා ළඟ සාක්කි තිබෙනවා. මම සාක්කි සහිතව ජාතික පොලිස් කොමිසමට ඒ ගැන පැමිණිලි කරන්න අද හෝ හෙට කටයුතු කරනවා.

රටේ ජනාධිපතිවරයා විශ්වාස කරන්න බැහැ. අගමැතිවරයාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනෑ. 2020දී ගෝඨාභය සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු වෙනවා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් තිබෙනවා. ඒ නිසා අපිට ජනාධිපතිවරයා විශ්වාස කරන්න හැකියාවක් නැහැ.”

මෙම සාකච්ඡාවට එම සංවිධානයේ සාමාජික දිල්ශාන් විජයානන්ද දර්මේන්ද්‍ර සහ රසික සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.

 

උපුටා ගැනීම – www.slguardian.org/sri-lanka-conspiracy-against-the-head-of-intelligence-and-senior-officers-exposed/

Post Views: 16
Previous Post

කාම්බෝජයේ ශ්‍රී ලාංකීක ව්‍යාවසායකයින්ටත් අවස්ථා – අගමැති 

Next Post

ඔය කාපු දීගේ ඇති – එස්.බී කියයි

editor

editor

Next Post

ඔය කාපු දීගේ ඇති - එස්.බී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved