දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගෙන් බහුතරයක් ආණ්ඩුවට සහාය පල කිරීමටත් ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ මේ වන විට මෛත්රිපාල සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිස් විටින් විට සාකච්ඡා කරමින් පවතින බවයි.
උතුරු හා නැගෙනහිර නියෝජනය කරන මන්ත්රීවරුන්ට ඇමැති ධුර ලැබෙනවානම් එයින් ජනතාවට සේවය කළ හැකි බවයි දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරුන්ගේ අදහස වන්නේ. තම පක්ෂය කිසි දිනක ආණ්ඩු බලයක් ලබා ගැනීමට නොහැකි බවත් නමුත් මෙවැනි අවස්ථාවකදී ආණ්ඩුවට එක් වී එය තුළින් ජනතාවට සේවය කරන බව එම මන්ත්රීවරුන් සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මේ වනවිට හොබවනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාය.
පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි සභික ධුර ගණන 16කි. කෙසේ වෙතත් සිදුවූ බල පෙරළිය යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවුවහොත් ඔවුන්ගේ සභික ධුර ගණන ඊට වඩා වැඩි බැවින් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වනබව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙයි.