පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්රන්ථ දෙකක් එක්දැක්වීම අප්‍රේල් මස 04 වනදා පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.
මල්කාන්ති මහත්මිය කියා සිටියේ ” දුර ගමනක සලකුණු ” යන ග්‍රන්ථය තමාගේ අත්දැකීම් එක්රැස් කරමින් රචනා කළ බවත් ” එක අහසක යට “නම් යොවුන් ග්රන්ථයක් ලෙස එළිදැක්වීමට නියමිත බවයි. එසේම මෙහි ප්‍රධාන දේශනය G.L.W.සමරසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බව අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය පැවසිය.