• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වසර 300 කට පසු උමං මාර්ගයෙන් ජලය පිටතට ගෙන යන වැඩපිළිවෙලක්

6 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕලන්ද යුගයෙන් වසර 300 කට පසු උමං මාර්ගයක් මගින් ජලය පිටතට ගෙනයන වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ අගනගර ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කොළඹ නගරයේ ඕලන්ද යුගයෙන් පසුව එනම් වසර 300 කට පසු උමං මාර්ගයක් මගින් ජලය පිටතට ගෙනයන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ රටේ අපේ තිබෙන්නේ ඕලන්ද යුගයේ, ඉංග‍්‍රීසි යුගයේ හදපු ඇල මාර්ග, උමං මාර්ග, දුම්රිය මාර්ග වසා දමන ක‍්‍රමයක් මිස ඒවා වැඩිදියුණු කරන ක‍්‍රමයක් නොවෙයි. ඒ නිසා අපි බෙහෙවින් සතුටට පත් වෙනවා එම කි‍්‍රයාදාමය මෙම ස්ථානයෙන් ආරම්භ කිරීමට ලැබීම ගැන.

මේ කොළඹ නගරය පහත් බිමක්. ඒ නිසා විශාල ගංවතුර ප‍්‍රශ්නවලට පසුගිය කාලයේදී අපට මුහුණ දෙන්න සිදුව තිබුණා. මේ සඳහා පිළියමක් ලෙස යෝජනාවක් ඇවිල්ලා විශාල ජලාශ ඉදිකළා. නමුත් ඒ ජලාශ ඉදිකිරීමෙන් එම ප‍්‍රශ්ණයෙන් 1/3 ක් පමණ විසඳීමට පුළුවන් බව පැහැදිලි උනා. ඒ නිසා මේ ලෝක බැංකුවේ ආධාරයත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මැදිහත්වීමෙනුත් අපි මේ ඇළ මාර්ග, පොළව යටින් යන කාණු පද්ධති, උමං පද්ධති නැවත වතාවත් බි‍්‍රතාන්‍ය යුගයෙන් පසුව ජලය මුහුදට මුදා හරින්න පුළුවන් පොම්පාගාර අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. අඹතලේ පොම්පාගාරයේ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. එමගින් කඩුවෙල, කොලොන්නාව ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නාගලන්වීදියේ පොම්පාගාරයක් ඉදිකරමින් යනවා. තොටලඟ, උතුරු කොළඹ ප‍්‍රදේශයේ ගංවතුර ප‍්‍රශ්නයට පිළිතුරක් එමගින් ලැබෙයි කියලා. ඒ වගේම අපි රාජකීය විද්‍යාලය අසලින් ටොරින්ටන් ප‍්‍රදේශයේ නිදහස් චතුරස‍්‍රය අසලින් තවත් උමං මාර්ග දෙකක් ආරම්භ කර ගෙන කරමින් යනවා එම ප‍්‍රදේශයේ ජලය බැසයාම විධිමත් කරන්න. ඒ වගේම අපි දැනටමත් කින්සි පාර ඞී.එස්. සේනානායක විද්‍යාලය හරහා පොළව යටින් කාණු පද්ධතියක් ඉදිකළා. වසර 150 ක් පැරණි ජලසම්පාදන පද්ධතිය නවීකරණ කටයුතු අප රජය යටතේ ජලසම්පාදන මණ්ඩලය මගින් මේ වන විට සිදු කරගෙන යනවා. මලාපවහන පද්ධතිය අලූත්වැඩියාවටත් ආසියානු සංවර්ධන බැංකුවෙන් උපකාර ලැබි තිබෙනවා. ඒ වගේම වැසිජලය බැසයන පද්ධතිය අපේ අමාත්‍යාංශයෙන් සිදු කරගෙන යනවා.

කොළඹ කසළ ගැටළුව විසඳීම සඳහා අරුවක්කාලූවේ විද්‍යාත්මක කසළ රඳවනයක් අපි සාදා තිබෙනවා. උදේට කොළඹ නගරයේ දේශපාලනය කරන අය පුත්තලමට ගිහින් අරුවක්කාලූවට යන වාහනවලට ගල් ගස්සනවා. වනාතවිල්ලූවේ අයට නැතිව කිලෝමීටර් 35 ක් මෙහා සිටින අයටත්, කොළඹ ඉන්න අයටත් තමයි මේකේ ප‍්‍රශ්නේ තියෙන්නේ. මේ දේශපාලකයෝ කවුද කියලා තමුන්නාන්සේලා මතක තියා ගන්න ඊළඟ පාර නගර සභාවට, පළාත් සභාවට ඡන්දය දීමේදී කොළඹ කුණු කරන්න හදන, ආගම්වාදය අවුස්සන්න හදන අය පිළිබඳව තේරුම් ගෙන කටයුතු කරන්න. අපි නම් සඳහන් කරන්නේ නැහැ. කවුරු හරි අභියෝග කරනවා නම් නම් හෙළි දරව් කරන්නත් අපි ලැහැස්තියි.

පුත්තලමේ විද්‍යානුකූල කසළ බැහැරකිරීමක් නැහැ. ස්ථාන 13 ක කුණු දාල තිබෙනවා හැබැයි ක්ලීන් පුත්තලම් තමයි ව්‍යාපාරයේ නම. මේවයේ සම්පූර්ණ බර අපේ නිලධාරීන්ට දී තිබෙනවා. කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ නගර සභාවේ කිසි කෙනෙක් විනාඩි 5 ක් මේ වෙනුවෙන් වැය කර නැහැ. අපේ නිලධාරීන් අද රෑ අටේ සිට උදෑසන අට වෙනකන් ඇහැරගෙන ඉන්නවා මේ කසල ටික ගෙනෙනකන් පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සමග. සමහර මාධ්‍යවල මේවට කාටුන් අඳිනවා කසළ ලොරිවලට පොලිස් ආරක්‍ෂාව දෙනවයි කියලා. ඒ කාටුන් අඳින මාධ්‍ය ආයතනවල කුණු තමයි ඒ ගෙනයන්නේ. කාටූන් අඳිනකොට ඒ අය ඒ ගැන මතක තබා ගත යුතුයි. මේ තත්වය අපි වහාම වෙනස්කර ගත යුතුයි. කොළඹ කුණු අපට එපා කියලා ගෙනගිය ව්‍යාපාරයේ ප‍්‍රතිඵලය තමයි මේක. එකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට ඒ දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්. ඒ වගේම මේ කොළඹ සහ අවට ප‍්‍රදේශවල කැළි කසළ ප‍්‍රශ්නය විසඳන්න නම් අරුවක්කාලූව වගේ කසළ රඳවනයන් 10 ක් 12 ක් මේ රටේ හැමතැනකම ඉඳිකළ යුතුයි. එය අනිවාර්යයෙන්ම මේ රටේ අනාගතයේදී සිදුවිය යුතුයි.

මේ ළඟදි අතිගරු ජනාධිපතිතුමා ගෙනආව කැබිනට් මණ්ඩලයට කසළ කළමනාකරණ ප‍්‍රතිපත්තියක්. මම එතුමාට කිව්වා ප‍්‍රතිපත්ති හොඳයි කි‍්‍රයාත්මක කරන්න ආයතනයක් නැහැ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය වගේ වැදගත්, බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් මේ රටට අවශ්‍යයි. නැත්නම් මේ කොළඹ නගර සභාවට, බස්නාහිර පළාත් සභාවට මේ ප‍්‍රශ්නේ විසඳගන්න බැහැ ඒ නිසා වැදගත් බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවා ගත යුතුයි මේ රටේ ඉදිරිය ගෙනයන්න. එය මේ කොළඹටත්, අනෙක් ප‍්‍රදේශවලටත් විසඳුමක් වෙනවා.

ඒ වගේම මේ කොළඹ තිබෙන තුන්වන ප‍්‍රශ්නය අපේ දුගී ජනතාවගේ ප‍්‍රශ්නය. පැල්පත් 50,000 ක් ඉතාමත්ම අවමානාත්මක ජීවිත ගතකරනවා. අද ඒ ප‍්‍රශ්නයටත් නාගරික සංවර්ධන අධිකාරිය උර දී තිබෙනවා. එම නිවසක වටිනාකම මිලියන 5 යි. රජයෙන් ලබාදෙන්නේ එක මිලියනයයි. ඒ වගේම එම ජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙනවා වසර 30 ක් ඇතුළත තවත් මිලියනයක් ලබාගන්න. ඉතිරි මිලියන 3 දරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒක මතක තියා ගන්න. එම ගැටළුවත් පියවරෙන් පියවර විසඳා ගන්න අපි කටයුතු කරගෙන යනවා. මේ කෙටි කාලය තුළ නිවාස 15,000 ක් දී තිබෙනවා. මේ සැප්තැම්බර් 13 වෙනිදට තවත් නිවාස 3,300 ක් ලබාදෙනවා. ඒ වගේම තවත් නිවාස 5,600 කට අපි මුල්ගල තියනවා. ඒ වගේම චීන රජය මගින් මෙම රජයේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදීමෙන් තවත් නිවාස 2,000 ක් ප‍්‍රදානයක් හැටියට ලබාදී තිබෙනවා. ඒ වගේම අපි ඉදිරි නිවාස සැලසුම් සකස් කර තිබෙනවා. ඒවා කි‍්‍රයාත්මක කළොත් මේ කොළඹ නගරය පැල්පත්වාසීන්ගෙන් තොර නගරයක් බවට පත්වෙනවා.

ඊ ළඟට කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස පොදු ප‍්‍රවාහනය නංවන්න විශාල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. අක්කර 25 ක කඩ සාප්පු 1,200 කින් යුත් නව මැනිං වෙළෙඳපොළ ලබන වසර මුල භාගයේදී විවෘත වෙනවා. එම මැනිං වෙළෙඳපොල තිබෙන ස්ථානය මෙරට විශාලතම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙනවා. මාර්ග 4 කින් යුතු සැහැල්ලූ දුම්රිය සේවය අපේ අමාත්‍යාංශය මගින් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. බස්රථ නවීකරණයක් මගින් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම මේ උතුරු කොළඹ සහ මැද කොළඹ ජනතාව සඳහා ජත්‍යන්තර මට්ටමේ සිංහල දෙමළ මාධ්‍යයෙන් පාසලක් සංවර්ධනය කර දෙන ලෙසත්, ජයවර්ධනපුර රෝහල මට්ටමේ රෝහලක් අපි අග‍්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා තිබෙනවා. හොඳ නිවාස ලැබෙන කොට, පරිසරය හොඳ වෙනකොට හොඳ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් අවශ්‍ය වෙනවා. ඔබගේ දරුවන් හොඳින් අධ්‍යාපනය ලැබුවහොත් ලබන වසරේ ආරම්භ වන වරාය නගරයෙන් රැකියා 80,000 ක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය වෙනවා. අපේ දරුවන් එතනට ශක්තිමත් කර ගන්න, පේමන්ට් රස්සාවෙන්, ත‍්‍රීවීල් රස්සාවෙන් පමණක් ජීවත් වෙන්න බැහැ. අපේ දරුවනුත් අද ඉහළට ගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල, පදනම අපේ අමාත්‍යාංශය මගින් දමා තිබන බව අපි බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවා.

අපේ ඊ ළඟ ඉලක්කය කිඹුලාඇල අවට ප‍්‍රදේශය වරාය ආශ‍්‍රිතව මේ රටේ ප‍්‍රභලම ආර්ථික කලාපය, ප‍්‍රබලම ස්ථානය බවට පත් කරන්න. නව නිවස 2,000 ක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිඹුලාඇල ආසන්න ප‍්‍රදේශය වරායට ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන නිෂ්කාශන අංශය පිහිටුවන්න අක්කර 15 ක අපි කටයුතු කරනවා. මේ සියල්ලත් සමග ඔබට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලිපිනයක් උතුරු කොළඹ සියළු දෙනාටම ලැබෙනවා.

මේ පොළව යටින්, නිවාස පද්ධති හරහා උමගක් ඉදිකරනවා කිව්වාහම ජනතාව සන්ත‍්‍රාසයට පත් උනා. බියට පත් වුණා. උමා ඔයේ වගේ ගැටළු මතුවෙයි කියලා සිතුවා. නමුත් අපේ පැහැදිලි කිරීම්, ව්‍යාපෘතියේ කාර්ය මණ්ලයේ කැපවීම, අපි දුන් අස්වැසිල්ල නිසා ඒ සියළු දෙනාම අපට එකඟ වෙලා එම වන්දි මුදල් අරගෙන අපට එම ශක්තිය ලබාදී තිබෙනවා. අපි ඉදිරියේදීත් වගකීමෙන් යුතුව ඔබට එම කටයුතු කරන්න, කොන්ත‍්‍රාත් සමාගම ඇතුළු සියළු දෙනාවම නිසි ආකාරයෙන් අධික්ෂණය කරන බව ප‍්‍රකාශ කරනවා. මොකද කැලයක, කුඹුරු යායක, වතුයායක යටින් උමං ඉදිකරනවා වගේ නෙමෙයි මේ නගරයක් මැදින් උමගක් ඉදිකරගෙන යන එක පහසු කාර්යයක් නෙමෙයි, ඉතා බැරෑරුම් කාර්යයක්. ඒ නිසා එම කටයුත්ත මහජනතාවගේ ශක්තියෙන් අපි සිදු කරනවා.

2015 අපි මේ බස්නාහිර පළාතේ මහානගරය ආරම්භ කරන විට ඉන්දියාවෙත් මහානගරයක් අමරාවතී නමින් ආරම්භ කළා. අපේ සැලසුම් හදපු සමාගමමයි එයත් සැලසුම් කළේ. නමුත් අද ඒක අත්හැර දමා තිබෙනවා අති විශාල ආයෝජනයක් සිදු කර. අපි කියනවා නොයෙක් විරෝධතා, ප‍්‍රශ්න, ගැටළු තිබුණත් කොළඹ මහනගරය අඩියෙන් අඩිය ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැහැ කියන එක අපි ඔබ හැමදෙනාටම කියනවා යැයි මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 13
Previous Post

වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර දුන්නේ නෑ – මුදල් අමාත්‍යාංශය

Next Post

දකුණු පළාතට ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද විවෘත වෙයි

editor

editor

Next Post

දකුණු පළාතට ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved