එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබේ. ඒ අද සිරිකොත පක්ෂ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව පක්ෂ අපේක්ෂකත්වය යෝජනාව එකමතකිව සම්මත වී ඇත.
ඇප මුදල් තැන්පත් කිරීම 27 වෙනිදා යෙදී ඇති අතර, නාම යෝජනා බාරදීම එළබෙන 03 වෙනිදායින් අවසන් කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඊට සමගාමීව නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ මංගල ජනාධිපතිවරණ රැළිය ඔක්තෝබර් මස 10 වෙනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙනු ඇති.
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සාමජිකයන් රාශියක් මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක්ද සිරිකොත මූලස්ථානය අසළට පැමිණ තිබේ.
පෙර පුවත