ශ්‍රී ලංකා මහබැංකුවේ 15 වන අධිපතිවරයා මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ජනාධීපති මාධ්‍ය අංශය පැවසුවේ නව මහබැංකු අධිපතිවරයා සිය පත්වීම ලිපිය අද (24) ජනාධිපති කාර්යාලයේදී ලබා ගත් බවයි.
1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි.
අධ්‍යාපන ක්ෂේත්රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
දිලිනි සමන්මලි