භික්ෂුන් වහන්සේලා දේශපාලනයට වඩා ඉහළ ස්ථානයක සිටිය යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පැවසුහ.
උන්වහන්සේ ඊයේ (30) මහනුවර පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ භික්ෂුන් වහන්සෙලා මැතිවරණවලට ඉදිරිපත් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයට මෙන්ම වත්මන් ආණ්ඩු පක්ෂයට දැනුවත් කල බවයි.
විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත් වන්නට අවස්ථාව ලබා දෙන්නට එපා යැයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
දිලිනි සමන්මලි