දුමින්ද සිල්වා කියන්නේ මිනිමරුවෙක් බවත් ඔහු විසින් මෙරටට කිසිදු සෙතක් කරපු කෙනෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය (07) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ යහපාලනය ආණ්ඩුව විසින් නීතිය නැමුවා යැයි පදනම් විරහිත බවයි.
දුමින්ද සිල්වාව බේරා ගැනීමට රටේ ලොන්ඩරි චැනල් දෙක කටයුතු කරන බවත් ඒ ඔවුන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට බව හෙතෙම පැවසිය.
එසේම ඕනෑම අපරාධකරුයෙකු නිදහස් කිරීමේ බලය ජනාධීපතිවරයා හිමිව ඇති බවත් බොහෝ විට දුමින්ද සිල්වාව නිදහස් කිරීම සිදුවනු ඇති බව ඇය අවධාරණය කළේය.
දුමින්ද සිල්වාව මේ දිනවලදී ලොන්ඩරි මාධ්‍ය ආයතන විසින් සුචරිත පුද්ගලයෙකු කිරීමට උත්සහා කල ද ජනතාව ඉතා නිවැරදිව මෙය තේරුම් ගත යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේය.
දිලිනි සමන්මලි