ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටකත් කාටවත් එය විනාශ කළ නොහැකි බව මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මහලේකම්වරයා මේ බව පැවසුවේ පුත්තලම ආණමුඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී මහලේකම්වරයා කියා සිටියේ වමේ දේශපාලන ව්‍යාපාර, සම සමාජ පක්ෂය , කොමියුනිස්ට් පක්ෂය හා දේශ විමුක්ති පෙරමුණ ඇතුළු දැවැන්ත පක්ෂ ගණනාවක් නිදහස් පක්ෂය පිටුපසින් පැමිණි බවයි.
එසේම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි සභාපති ධුරය දරන පිරිසට කොතෙක් නම් දේවල් සිදු කල ද කිසිදු අවස්ථාවක පක්ෂය නැති කිරීමට හැකියාවක් නොලැබුණ බව හෙතෙම පැවසිය.