MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ එම තරුණයා සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (06) මෙම පියවර ගත් බවයි.
ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් එම තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.