• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිස්ත්‍රික්ක 4ක ඇඳිරි නීතිය මැයි 4දක්වා – ID අංක අනුව එලියට යන්නේ මෙහෙමයි

25 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ, ගම්පහ, කලුතර, සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 4 වන සඳුදා අලුයම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අලුයම 5ට ඉවත් කර එදිනම රාත්‍රි 8ට යළි පැනවීමට නියමිතයි.

ඉන් අනතුරුව මැයි මස පළමුවන සිකුරාදා දක්වා මෙම දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදින අළුයම 5 දක්වායි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරන ඇත.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර පවතිනවා.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10 ලෙස නියම කර ඇති අතර රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 4 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුව ද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් සැකසුණු ක්‍රමවේදයකට අනුවයි.

ඒ අනුව සඳුදා දිනවල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණයි.

සතියේ ඉතිරි දිනවල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මේ ආකාරයෙන්.

අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය ලෙසටයි.

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා වෛරස් පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුයි.

විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්.

කිසිවෙකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරතිබෙනවා.

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ කඩ පවතිනවා.

කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වනවා.

සියලු උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබෙනවා.

ජනතාව ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටයි විධිවිධාන සලසා ඇත්තේ.

කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතු අතර අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතු බවයි නාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

මෙම අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණක් බව ඔවුන් සඳහන් කළා.

කොරෝනා වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බවයි රජය ප්‍රකාශ කළේ.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරනවා.

සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවන බව ද රජය අවධාරණය කළා.

 

Post Views: 1
Previous Post

වෛද්‍ය නිර්දේශ මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විවෘතයි

Next Post

ගම්පහ – තංගල්ල මේ තැන් වෙත ගියා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දන්වන්න

editor

editor

Next Post

ගම්පහ - තංගල්ල මේ තැන් වෙත ගියා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දන්වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved