• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජුනි 20 මැතිවරණයට එරෙහිව තවත් පෙත්සමක්

9 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන  මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  විසින්  මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.
 
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ද පෙත්සමේ සඳහන්ය.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් අයද සිටීති.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Post Views: 0
Previous Post

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

Next Post

සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගී ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය නොගන්නා ලෙස සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

editor

editor

Next Post

සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගී ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය නොගන්නා ලෙස සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved