27 April 2024
#දේශීය

සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගී ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය නොගන්නා ලෙස සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

ඉදිරි සති දෙක යන තුරු සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින එනම් හෙට දින සිට ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමග පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමඟ සිදු කල සාකච්ඡාවේදි මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දෙනු ලැබීය. එම උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් ලබා දි තිබේ.

 

 

දිලිනි සමන්මලි

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *