• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද විපක්‍ෂය සටන් පාඨ නැතිව අනාථ වෙලා – ජානිපෙ කියයි

17 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජාතින නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ මහතා අද (17) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙද්දී මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී ඇති බව පෙන්වා දුන් බවයි.

එවැනි තත්වයක් හමුවේ විපක්‍ෂය පෙන්නුම් කළේ ලොව කිසිදු රටක විපක්ෂයක් සිදු නොකරන අන්දමේ පිළිකුල් සහගත භාවිතයක් බව ද හෙතෙම සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව හා බුද්ධි අංශ, වසංගත රෝග පාලනයට යොදවා ගැනීම වැරදි තීන්දුවක් බව පවසමින් රණවිරුවන්ට මානසික බාධාවක් ඇති කරමින් ද සැබෑ මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සඟවමින් තොරතුරු වසන් කරනවා යැයි කියමින් ජනතාව තුළ කුකුසක් ඇති කරමින් ද ජනාධිපතිවරයාගේ මුදල් බලතල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් ද සිදුකළ පහත් පෙළේ ක්‍රියාවන් නිසා එළඹෙන මහ මැතිවරණයේදී රනිල් – සජිත් දෙපිළ මිහිදන් වීමත් 3%ක ජනවරමක් හිමිව තිබූ ජවිපෙ අතුරුදහන් වීමත් නිසැක බව හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලොවටම ආදර්ශයක් වූ මෙරට කොරෝනා වසංගත පාලන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ගජබින්න ඇද බෑ විපක්ෂය, ‘කිඹුල් කෝලමක්’ පෙන්වා රටම නොමඟ යැවූ, මෙරට ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න වැනි වංචනිකයකු සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග දේශපාලන පලිගැනීම් බවට වර ගැන්වීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කළ හැකි නැණවත්, ගුණවත්, බලවත් පාලනයක් බිහිකර ගැනීම මෙරට බහුතර ජනතාවගේ අභිලාෂය බවත් එය ඉටුකරගත හැකි පරිදි, සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු වහාම කොවිඞ් – 19 වසංගත තත්වයට අනුරූපී නිර්ණායක ද සහිතව මහ මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවේය.

Post Views: 1
Previous Post

ඇඳිරි නීතිය කැඩූවන් 56000 පනියි : හෙට සිට රට වැඩ මෙහෙමයි

Next Post

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

editor

editor

Next Post

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved