පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය කාට හිමිවන්නේදැයි ඊයේ (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන අය ඉදිරිපත් වී ඇත.
අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර ගේ නමද යෝජනා වී ඇති බවයි.
ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වූ සාකච්ඡාව ඊයේ පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේ දී පැවැත්වූ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බව පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ.
නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන සිකුරාදා ප්‍රකාශයට පත්කරන බව පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේය.