පසුගිය වසර 05 තුළ මෙරට ආර්ථිකය කඩා වැටී තිබු බවත් ඉදිරියේදී මේ රට ගොඩනැගීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (14) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින්. එහිදී ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් පසුගිය වසර 05 තුල පවසා සිටියේ රට ගොඩනැගීමට සුදානම්වන ලෙසයි.
ඒ අනුව මේ වන විට සියළු දෙනා සුදානම්ව සිටින්නේ රටේ ආර්ථීකය මෙන්ම සංවර්ධන කටයුතු සිදු කිරීමට බව හෙතෙම කියා සිටියේය.