• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් වීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති පවසයි

16 September 2020
in සංවර්ධන

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පවරයි.

එසේම ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපතිවරයා පැවසිය.

සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියක් බවත් ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇති බව ජනාධිපතිවරයා පැවසිය.

රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු යයි ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබේ. ඉන් මාර්ග කි.මි 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර ඇත.

මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා පැවසීය. සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද අද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු යයි ද එතුමා කියා සිටියේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ හා කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

යාපනය ධිවරයින්ට ඇමැති දේවානන්දා අයිස් පෙට්ටි ලබා දෙයි

Next Post

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට

editor

editor

Next Post

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved