27 April 2024
#දේශීය

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට

නාවලපිටිය, කඩියල්ලෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) දහවල් කාලයේදී බඹර ප්‍රහාරය සිදුව ඇත්තේ කඩියල්ලෙන ප්‍රදේශියදීය.

එහිදී බරපතල තුවාල ලැබු එම පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදින පස්වරුවේම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 69 ක් වු පෙටගන් කොටස, කඩියල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි වේ.

මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *