මෙගා වොට් 390 ක් ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා මෙරට ඉදිවන දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන් හීදී ඉතා කඩිනමින් ආරම්භ කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුනරීන් බලාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍යය නිළධාරීන් සමඟ සාකච්ජාවක් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදිය.
එහිදි පුනරීන් බලාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුනු අතර, ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් හා අදාළ ව්‍යාපෘති සිදු කිරීමේදී ප්‍රදේශයට ලැබෙන ප්‍රථිලාභ සම්බන්ධයෙන් හා මහජනතාව තුළ පවතින මතයන් සම්බන්ධයේන සාකච්ජාවට බදුන් විය.
සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ” මේ ව්‍යාපෘති ටික අපි පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන නිසා, ඉඩම් ලබා ගැනීම ඇතුළු අවශ්‍යය අවසර සුනිත්‍ය බලශක්ති අධිකාරියේන් ලබා ගත් පසු තමයි අපි මේ කටයුතු ආයෝජකයින්ට භාර දෙන්නේ,ඒ නිසා මේ අවසර ලබා ගැනීම් ඇතුළු රාජකාරී කටයුතු සඳහා යන කාළයට අමතරව මාස 06 – අවුරුද්දක් ඇතුලත මේ පුනරීන් බලාගාරය අවසන් කරන්න අපිට හැකියාව තියෙනවා. මේ සඳහා ආයෝජකයෝ අපි බලාපොරොත්තු වෙනවා.ලංකාව ඇතුළත හෝ පිටරට ඉන්න ඔ්නෑම ආයෝජකයෙකුට මේ සඳහා ආයෝජනය කරන්න ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙනවා.ඔ්නෑම අලුත් තාක්ෂණයක් ගමට එන කොට, ප්‍රදේශයකට එන කොට ග්‍රාමීය ජනතාව ටිකක් සැකෙන් බලන එක අපිට පිළිගන්න වෙනවා.ඒ පිළිබඳව අපි පුදුම වෙන්නේ නෑ,මේ නිළධාරීන්ට අපි ඡායා රූප වලින් පෙන්නුවා ඉන්දියාවේ ගමේ වගාවන් කරන ගමන් මේ සුළං බලාගාර පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා.ඒ නිසා මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට, ගව පාලනයට, ධීවර කර්මාන්තයට මේ බලාගාරය මගින් කිසිදු හානියක් සිදු වන්නේ නෑ. අපේ අවසන් අරමුණ වෙන්නේ විදුලි බලය අඩු මුදලට ලබා දීම, මන්නාරමේ මෙගා වොට් 100 හරහාත් ජාතික විදුලි බල පද්ධතියට විදුලි ඒකකයක් රුපියල් 10 කට වඩා අඩු මුදලකට අපිට එකතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා.පූනරීන් වලත් අඩු මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන ගමන් අවසානයේ අපේ ඉලක්කය වෙන්නේ සමස්ථ ජනතාවටම මේ පූනර්ජනනීය බලශක්තියේ එකතු වීමෙන් ලැබෙන ලාභය ජනතාව අතර බෙදා දීම තමයි.කෙටියෙන්ම කියනවා නම් විදුලි බිල අඩු කිරීම තමයි අපේ බලාපොරොත්තුව යැයි පැවසීය.
මෙම අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආර් කේතීශ්වරන් මහත්මිය, සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිළධාරීන් ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.