27 April 2024
#දේශීය

අනාගතය සුභ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව වෛද්‍ය හරිත කියයි

ඉතිහාසයේ වාර්තාවන වැඩිම කොරෝනා රෝගීන් ගණන සහ වැඩීම කොරෝනා මරණ මේ දිනවල වාර්තා වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වෛසරය නිසා අපගේ අනාගතය සුභ දායක තත්ත්වයක නොමැති බවයි.

එය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා ඇති බව හෙතෙම පැවසිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසා සිටින්නෙ වත්මන් තත්ත්වය ජනවාරි මස වන විට සිඝ්‍රයෙන් ඉහල යා හැකි බවයි.

දිනකට දල වශයෙන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී වන අතර එය ලෝකයට සමානුපාතික අපගේ අවධානමත් වැඩී වී ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

ලංකාවේ වැඩිපුර අවධානමත් තත්ත්වය කේන්ද්‍ර වී ඇත්තේ බස්නාහිර පලාතේ වන අතර එයිනුත් කොළඹ නගර සභා බල ප්‍ර දේශයේ වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණය වැඩී බව වෛද්‍යවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසි ලෙස පාලනය කල ගත යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *