• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්

25 December 2020
in වෙනත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද්ධතියක් වූ නාවලකන්ද, බලගල දොළ රක්ෂිතය මූලික කරමින් ඊයේ (24) දින සිදු කල බව නාවලකන්ද සමනල යෞවන සමාජයේ සංවිධානය පවසයි.

එම සංවිධානය සිදුකල මෙම රුක් රෝපණ වැඩසටහන මගින් ප්‍රදේශයේ ජෛව පද්ධතියට ගැලපෙන ශාක විශේෂයන්හි පැල 400 කට අධික ප්‍රමාණයක් රෝපණය කෙරිණි.

වලල්ලාවිට නාවලකන්ද කඳු පංතියෙහි පිහිටි, දුර්ලභ ශාක හා සත්ත්ව ප්‍රජාවකින් සමන්විත බලගල දොළ බෙන්තර ගංගාව පෝෂණය කරන ප්‍රධාන ජල මූලාශ්‍රයක්ද වේ.

අතිශය සංවේදී ජලාශ්‍රිත පරිසර පද්ධතියක් වන බලගල දොළ හා එහි පෝෂක ප්‍රදේශය වන රක්ෂිත කලාපය වෙත එල්ලවන මිනිස් බලපෑම් ඉහල යාම නිසා ජෛව විවිධත්වය හායනය හා ජලය සිඳීයාම ආරම්භ වී ඇති අතර දොළ රක්ෂිත කලාපය තුල ඇති ශාක පද්ධතිය විනාශ වීම නිසා ඒ තුළ වෙසෙන්නා වූ වනජීවීන්ගේ වාසස්ථාන, ආහාර අහිමි වීම හේතුවෙන් සතුන්ගේ ජීවිත වලටද බලපෑම් ඇතිවී තිබේ.

මෙම බලගල දොළ අවට වෙසෙන වනසතුන්ට ජීවය ලබා දෙමින්, ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් බෙන්තර ගඟ දක්වා ගලාබසින අතර ජලය සිඳී යාමෙන්ම වන ජීවීන් මෙන්ම අවට ගම්වාසීන් හටද දැඩි අපහසුතාවයන්ට මුහුණු දීමට සිදුවී තිබේ. මේ නිසා සුන්දර පරිසර පද්ධතියක පිහිටි බලගල දොළ ආශ්‍රිත පරිසරය පද්ධතිය ස්ථායිව පවත්වා ගනිමින් බලගල දොළ සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කෙරුණු රුක් රෝපණ වැඩසටහන මගින් ජල පෝෂකයන් සංරක්ෂණයටත් ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත්, එහි වෙසෙන වන ජීවීන්ගේ පැවැත්මටත්, ප්‍රදේශයේ ජීවත්වන ගැමියන්ටත් විශාල වාසියක් අත් වේ.

“යොවුන් දෑතින් පැල දහසක් වලල්ලාවිටට” යන තේමාව යටතේ මෙලෙස ආරම්භ වූ රුක් රෝපණ ව්‍යාපෘතිය ඉදිරියේදී වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා ගේ මූලිකත්වයෙන් තරුණසේවා නිලධාරී අරුණ ජයතිලක මහතා සහ 849 D බෝගොඩකන්ද නාවලකන්ද ග්‍රාම නිලධාරී දිමුතු හොරවලවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සාමාජිකයන්, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය සහ මතුගම හරිත මිතුරෝ යන පරිසර සංවිධාන වල සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි. පිටිගල ගොඩාමුණ “රංගන පැළ තවාන” මගින් පැළ සඳහා අනුග්‍රහය ලබා දුන් අතර එම දොළ රක්ෂිතය ආසන්නයේ පදිංචිව සිටින චන්දිමාල් ඉන්දික (සමන්ත) මහතා විසින් මූලික සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.

බලගල දොළ මෙන්ම මෙරට ඇති බොහෝමයක් දොළ මාර්ග දෙපස ඉඩම් හිමියන් දොළ ආසන්නයටම වගා කර ඇති අයුරු දක්නට ලැබේ එමගින් දොළට හිමි රක්ෂිත සීමාව අහිමිව ගොස් ඇත. මෙයට ප්‍රධානම හේතුව වන්නේ දොළ රක්ෂිතයන්ගේ සීමා දැක ගැනීමට පැහැදිලි සීමාමායිම් නොමැති කමයි. අනෙකුත් රක්ෂිත මායිම් හඳුනා ගැනීමට ඇති මායිම් කණු යොදා දොළ රක්ෂිතයන්හි සීමා ලකුණු කිරීමට කටයුතු කරන්නේ නම් එය ඉතාමත්ම වටිනා කාර්යක් බව රුක් රෝපණ වැඩසටහන සහභාගීවූවන්ගේ අදහස විය.

Post Views: 1
Previous Post

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! – TTV Media

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 40,000 ට කිට්ටු වෙයි

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් 40,000 ට කිට්ටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved