ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ ඊයේ (07) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය යොදා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් සාගරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහායි.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කූරු 07ක්, විදුලි නොවන ඩෙටනේටර් 03ක් සහ මීටර 03ක දිගින් යුත් සේවා නූල් 03ක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 38ක් වන කට්ටපරිච්චාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මූතූර් පොලීසිය මඟින් සිදු කරනු ලබයි.
Navy nabs person with explosives used for blast fishing
Sri Lanka Navy apprehended a person with commercial explosives devised for blast fishing, during a special operation conducted in Muthur, Trincomalee on 07th August 2021.
The Navy has been conducting regular operations to prevent damage to the marine biodiversity by illegal fishing practices such as explosive fishing. In a similar operation conducted by the Eastern Naval Command in coordination with the Muthur Police, the suspect was nabbed with 07 water gel sticks – a commercial explosive often used for blast fishing, 03 non-electric detonators and 03 safety fuses (each about 3m in length).
The accused was identified as a resident of Kattaparichchan area, aged 38. Meanwhile, the onward investigation into the incident is being carried out by the Muthur Police.