#දේශීය

අත්‍යවශ්‍යනම් විතරක් නිවසින් එලියට යන්න … කොවිඩ් එන්නත වහාම ගන්න – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ලෝකයේ රටවල් රැසක මේ වන විට පැතිරෙන කොවඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය මෙරටට ද සිඝ්‍ර යෙන් පැතිරෙමින් ඇත හෙයින් එම රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ පා තිබේ.

රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව පැවසුවේ ආසාදිතයන්ගෙන් 1.5% ක් පමණ මරණයට පත්වීමටත් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමටත් සිදු වේ.

ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කර සිටි.

කොවිඩ් එන්නත ලබා ගැනීම, අත්‍යවශ්‍යම කාර්යයට හැර නිවසින් පිටතට නොයන්න, සෙනග ගැවසෙන මංගල, අවමංගල හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පුර්ණයෙන්ම නතර කරන්න, පොදු ස්ථානයකට යන විට මුඛ ආවරණය පළදින්න, සබන් යොදා දෑත් සෝදන්න, අන්‍යයන් සමඟ මිටර් දෙකකට වඩා දුරින් සිටින්න යන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාව දැනුවත් කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *