27 April 2024
#දේශීය

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් මෘතදේහ ප්‍රමාදයකින් තොරව ආදාහනය – රාජ්‍ය ඇමැති ලාන්සා

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) දැනට පවතින කොවිඩ් මෘත දේහ කඩිනමින් ආදාහන කටයුතු සිදු කිරීම හා නැවත ප්‍රමාදයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදීය.

ඒ අනුව රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ආදාහන කටයුතු ප්‍රමාද වෙමින් පැවති කොවිඩ් මෘත දේහ 26 ක් කඩිනමින් මහර, වත්තල, බියගම, ජා ඇල, කටාන හා මීගමුව යන නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කරනු ලැබීය.

මෙය අතිශය මානුෂීය කරුණක් වන බැවින් හා ඔවුන්ගේ ඥාතීන් අපහසුතාවවට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරනු ලැබේ. එම බල ප්‍රදේශවල නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.

කොවිඩ් හේතුවෙන් මිය යන අයගේ ආදාහන කටයුතු ප්‍රමාද නොවන පරිදි හා මෘත ශරීරාගාරයේ මෘත දේහ තැන්පත් කළ හැකි සීමාව ඉක්මවා නොයන ලෙස පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට මෙහිදී තීරණය විය.

ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ආසන්නයේ ඇති මහර, වත්තල, ජා ඇල, කටාන, බියගම, මීගමුව නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටා ඇති ආදාහනාගාර තුළ කොවිඩ් මෘත දේහ ආදාහන කටයුතු සිදු කරලීමටත්, අවශ්‍යතාවය මත ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආදාහනාගාරත් යොදා ගැනීම සඳහා අදාළ සම්බ්න්ධීකරණ කටයුතු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහායෝගය ලබාදීමට මෙහිදී තීරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, ජා ඇල නගරාධිපති ෂම්මික ඩයස්, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, ජා ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක සම්පත් ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන්, මේජර් ජනරාල් ක්‍රිෂාන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *