• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

7 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සදහා වූ මූලික සාකච්ඡාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ප්‍රධානත්වයෙන් අද ( 7දා) දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එහිදී එම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී පහත සඳහන් නිර්නායක සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණි.

සියලුම දහම් පාසල් සදහා පනතක් කෙටුම්පත් කර එම පනතේ ප්‍රතිපාදන අනුව නෛතික රාමුවක් යටතේ දහම් පාසල් කටයුතු පවත්වාගෙන යාම.
දහම් පාසල් අධ්‍යාපනයේ කාර්යභාරය හදුන්වාදීම.
දහම් පාසල් ලියාපදිංචිය කරන ක්‍රමවේදය සියලුම දහම් පාසල් සඳහා එකම ආකාරයකට සිදුකිරිම.
ළමුන් බඳවා ගැනීම, ළමුන්ගේ වයස් මට්ටම සෑම දහම් පාසලකම එකම ක්‍රමවේදයකට සකස් කිරිම.
ගුරුවරුන් බඳවා ගැනීම, ගුරුවරුන්ට අවශ්‍ය සුදුසුකම් හඳුනා ගැනීම සහ ගුරුවරුන් පුහුණු කිරිම.
දහම් අධ්‍යාපනයේ විෂය නිරිදේශය සකස් කිරිමට විද්වත් උපදේශක මණ්ඩලයක් වෙත ලබාදීම.
පෙළපොත් මුද්‍රණය, පෙළ පොත්වල සරළ බව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩිකිරිම.
දහම් පාසල් විභාග පවත්වනු ලබන බලධාරියා තීරණය කිරිම, තරඟ විභාග පැවැත්වීම.
දහම් පාසල් සහතිකයට ලැබෙන වටිනාකම හඳුනා ගැනිම.
රැකියාවක් ලබාගැනිමේදි දහම් පාසල් සහතිකය සඳහා වටිනාකමක් ලබා දීම.
දහම් පාසල් සඳහා අරමුදල් සපයා ගන්නා ක්‍රමවේදය නීත්‍යානුකූල කිරීම.
‍දේශීය හා විදේශිය ආධාර ලබා ගන්නා ක්‍රමවේදයේ විනිවිදභාවය

දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේදී අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නිලධාරීන් හා ඒ ඒ ආගම් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත් කිරීම මෙන්ම එම කමිටුව තුළින් ඒ ඒ ආගම්වලට අදාළ දහම් පාසල් පවත්වා ගෙන යාමේදී විශේෂ අවධානය යොමු කළ යුතු අංශ කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙමින් අදාළ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම වඩාත් යෝග්‍ය බවද, මෙහිදි යෝජනා විය.

අදාළ විෂය හා සම්බන්ධ නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් සැකසීම සඳහා පහත සඳහන් සංයුතියද මෙහිදි යෝජනා කෙරුණි.

අමාත්‍යාංශ නිලධාරීන් ( අධ්‍යාපන අමාත්‍යාංශය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ), සියලු ආගම්වලට අදාළ දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය නිලධාරීන් ( බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්), බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, ආගමික නායකයින්, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ අධ්‍යාපන විශේෂඥයින් වේ.

එසේම කමිටු හතරක් පිහිටුවීමටද, එම එක් එක් කමිටු සඳහා සාමාජිකයින් 5-7 අතර ප්‍රමාණයක් නම් කර රැස්වී ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම කෙරෙහිද යෝජනා ඉදිරිපත් විය.

· දහම් පාසල් ආරම්භ කිරිම, ලියාපදිංචි කිරීම, දේශීය හා විදේශීය අරමුදල් සපයා ගැනිමේ කමිටුව

· ළමුන් ඇතුළත් කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම, පන්ති කාමර හා අනෙකුත් පහසුකම් සපයා ගැනීමේ කමිටුව

· විෂය මාලාව, පෙළපොත් හා ඉගැන්වීම් ක්‍රම ශිල්ප පිළිබඳ කමිටුව

· විභාග පැවැත්වීම, සහතික පත්‍ර නිකුත් කිරිම හා රැකියා සඳහා පිළිගැනීමේ කමිටුව

 

මෙම රැස්වීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 5
Previous Post

මහා දැවැන්ත මුදලක් සමාජ ගත කරන්න 2022 සූදානම් – රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත්

Next Post

වසර හයක් වැසී තිබුණු ප්‍රජාශාලාව ඇමැති සරත්ගේ මැදිහත්වීමෙන් සතියකින් ජනතා අයිතියට

editor

editor

Next Post

වසර හයක් වැසී තිබුණු ප්‍රජාශාලාව ඇමැති සරත්ගේ මැදිහත්වීමෙන් සතියකින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved