ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය පසු ගිය දා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණ.
මිලියන 316ක් වැය කළ මහල් හතරකින් සමන්විත මෙහි නවීන විද්‍යාගාර, දේශණ ශාලා, ශ්‍රවණාගාරයක් හා නවීන අධ්‍යයන උපකරණ ඇතුළත්ව ඇත.
එහි දි අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ආරම්භ කළ ආකාරය ගරු නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමාට මතකයි. එදා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මට මතකයි බොහෝ වාද විවාද සහ මතභේද ඇති වූ දුෂ්කර අවස්ථා. කෙසේ හෝ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම අපට හැකි වුණා. එසේ නොවේ නම්, උත්සාහයන් තවත් ප්‍රමාද වෙන්න තිබුණා. ඌවේ ජනතාවට වඩා හොද ජීවනෝපායක් ඇති කිරීමට නව ව්‍යාපෘති, නව මංපෙත් ඇති කිරීමට මෙය ඉවහල් වුණා. ඌව අපේ රටේ මැත ඉතිහාසයේ කළ හැකි දැවැන්තම කැපකිරීම් ද කළා. බ්‍රිතාන්‍ය ආක්‍රමණයට එරෙහි වෙල්ලස්ස කැරැල්ල කෙතරම් මිලේච්ඡ ද යන්න දන්නේ ඉතිහාසඥයන් කිහිප දෙනෙකු පමණි. නමුත් පරම්පරා ගණනාවක් නැති වූ, දැවී ගිය ගම් තවමත් යළි නැගිට්ටේ නෑ. ඒ නිසා තමයි අපි අද මේ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන්න උත්සාහ කරන්නේ යැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු අධ්‍යාපන උපදේශක කාරක සභික යදමිණි ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සහ පීඨාධිපති මහාචාර්ය කේ.බී. විජේසේකර යන මහත්වරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.