• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසාධාරණ ලෙස සහල් මිළ වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ – වෙළෙඳ ඇමැති බන්දුල

11 January 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කුමන තත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ ව පැවසුවේ වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙම මිළ ගණන් යටතේ සතොස හා සමූපකාර , Q-SHOP ඇතුළු රාජ්‍ය අළෙවි ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට හැකි බවද ඇමතිවරයා සඳහන් කළේය.

මේ සඳහා පසුගිය 10 වනදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දුන් බවද ඇමතිවරයා පැවසීය.

කැකුළු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ වැඩි ප්‍රමාණයක් බුරුමයෙන් ආනයනය කිරීමට බුරුම රජය සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් එම සහල් තොග ලබන මාසය වනවිට මෙරටට ලැබෙනු ඇතයිද හෙතෙම සඳහන් ‍කළේය.

මෙයට අමතරව පුද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට මුදල් ඇමතිවරයා හා මහ බැංකුව සමග සාකච්ඡා කර ඉඩ ප්‍රස්ථාව සලකා ඇති බවත් , පෞද්ගලික අංශය ආනයනය කරන සහල් දේශිය සහල් සමග කවලම් කිරීම, දේශීය වෙළෙඳ පොළට නිකුත් නොකිරීම පිළීබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බැවින් එම කටයුතු වැළැක්වීමට පියවර ගන්නා බවත් පැවසීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් නාඩුු සහ සුපිරි සම්බා සහල් සහ බුරුමයෙන් කැකුළු සහල් ආනයනය කිරීමට සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කර ණයවර ලිපි නිකුත් කරන බවත් සඳහන් කළේය.

කෘතීම ලෙස අසාධාරණ ලෙස සහල් මිළ වැඩි කිරිමේ සැළැස්ම මොනම හේතුවක් නිසාවත් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් , නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට වඩා වැඩි නොවීමට ඉඩ නොතබන බවත් ,කුමන තත්වයක් යටතේ වුවද මේ වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් තබාගැනීමට පුළුවන් තරම් උත්සාහා කරන බවද සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය තුළ ජනතාව මුහුණ දී තිබෙන පීඩනය හමුවේ සහල්, සීනි, පිටි,පරිප්පු,අල, ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ස්ථාවර කර පාරිභෝගික ජනතාවට ලබාදීමේ සහනදායී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

මේ අතර මුදල් ඇමතිවරයාගේ සහන පැකේජය යටතේ වතුකරයේ ජනතාවට පිටි කිලෝවක් රුපියල් 85 කට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරණ බවද හෙතෙම සදහන් කළේය.

සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 ට වැඩි වන බවට සහල් වෙළෙඳ පොළ මාෆියාව විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්වය සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් වෙළෙඳ පොළේ සහල් මිළ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට වෙළෙඳ අමාත්‍යවරයාට විශේෂ අවසරයක් ලබා දුන් බවද සඳහන් කරන ලදී.

Post Views: 14
Previous Post

චීනයේ පොහොර නැව හොදටම සුදුසුයි – රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර

Next Post

ඉදිරි මාස හයට රටට අවශ්‍ය ඖෂධ ගැන වාර්තාවක් සෞඛ්‍ය ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

ඉදිරි මාස හයට රටට අවශ්‍ය ඖෂධ ගැන වාර්තාවක් සෞඛ්‍ය ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved