• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කහ අස්වනු මිලදී ගැනීමේ සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය ඉන්දික ප්‍රධානත්වයෙන්

24 January 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කහ අස්වැන්න තුළින් අද වනවිට රට ස්වයංපෝෂිත වී ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් “ගොවියාට උපරිම මිලක් – පාරිභෝගිකයාට සහන මිලක්” යටතේ ගොවි ජනතාවගේ කහ අස්වනු මිලදී ගැනීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. උක්, බඩඉරිඟු, ගම්මිරිස්, කුරුඳු,කරාබු නැටි, බුලත් ඇතුළු කුළු බඩු වැවිලි භෝග ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය කිතුල්වල, පිටදෙණිය විද්‍යාකර පිරිවෙන් විහාරස්ථානයේ දී මෙය පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් බෙදා දීමේදී ඇතැම් ජනතාවත්, සමාජ මාධ්‍යත් එය උපහසයට ලක් කළ බවත්, පසුගිය කාලයේ අමාත්‍යවරු සීතල කාමර වලට වී කටයුතු කළ නමුත් අද රජයේ සියළුම අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් ගමින් ගමට ගොස් ජනතා සේවය සිදු කරන බවත් කී අමාත්‍යවරයා අද රාජ්‍ය ආයතන රැසක් ලාභ ලබන ආයතන බවටද පත්ව ඇති බවද සඳහන් කළේය.

පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ඇඳ වැටී සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණ බවත් අතිගරු ජනාධිපතිතුමන් අද ක්‍රමානුකූලව එය ගොඩනගමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන ආදායම් වැඩිකර ආනයන අපනයන පරතරය අඩුකර ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිඵල හිමිවන්නේ අද නොවේ අනාගතයේදී බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය තුළ අද බුලත් අපනයන ගම්මාන, මල් අපනයන ගම්මාන බිහිකර ඇති බවත්, කාබනික පොහොර සියයට සියයක් යොදා ගනිමින් වගා කළ කෙත්වතු වල අස්වැන්න මේ වනවිට නෙළමින් වී කිලෝවක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට අලෙවි කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උක්, බඩඉරිඟු, ගම්මිරිස්, කුරුඳු,කරාබු නැටි, බුලත් ඇතුළු කුළු බඩු වැවිලි භෝග ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාවට නංවන අතර ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලය විසින් ⁣ගොවින්ගෙන් කහ මිලදී ගනු ලබයි.

ඒ අනුව සමාරම්භක උත්සවයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයෙන් කහ කිලෝගෑම් 20,000 රජයේ සහතික මිල වන රුපියල් 165 කට අද සිට මිලදී ගන්නා ලදි. ගොවීන්ගෙන් ලබාගත් කහ අස්වනු වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී තරංග ජයසිංහ මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී. දිස්නා මෙනෙවිය, ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී. කුමාරී මහත්මිය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 0
Previous Post

රංගන ශිල්පියාගේ සැත්කමට එකතු කළ මුදල් සොරගෙන

Next Post

දහසක් ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය කොවිඩ් – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

දහසක් ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය කොවිඩ් - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved