27 April 2024
#දේශීය

රංගන ශිල්පියාගේ සැත්කමට එකතු කළ මුදල් සොරගෙන

රංගන ශිල්පියෙකුගේ බරපතල සැත්කමක් සදහා මුදල් එකතු කර තිබු ගිණුමකින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් සුක්ෂම ලෙස බැංකු ගිණුමින් සොරාගත් පුද්ගලයකු සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

රංගන ශිල්පියෙකු වන මාතලේ පදිංචි නන්දික අලුවිහාරේ මහතාගේ කොදු ඇටපෙලේ සැත්කමක් සිදු කිරිම සදහා මුදල් ආධාර ලබා ගැනිම සදහා විවිධ අයුරින් නන්දික මහතා විසින් ප්‍රචාරය කර ඇති අතර ඔහු සමග කතා කළ එක් පුද්ගලයකු විසින් ආධාරයක් දෙන බවට හගවමින් මෙම වංචාකරු විසින් බැංකු ගිණුමෙන් මෙසේ මුදල් ලබා ගෙන ඇති බවත් මේ පිළිබදව තමා මාතලේ මුලස්ථාන පොලිසියට පැමිණි කළ බවද නන්දික අලුවිහාරේ මහතා පැවසිය.

නන්දික අලුවිහාරේ මහතා යුධ හමුදාවේ ක්‍රිඩා සහ කලාකටයුතු අංශයට අනුයුක්තව කටයුතු කර ඇති අතර පුහුණුවිම් වලදි 2008 වසරේ අනතුරකට ලක්ව කොදු නාරටිය සහ සුසුම්නා ආබාධයට ලක්ව මේ වන විට දැඩි ලෙස රෝගයෙන් පිඩාවිදිමින් සිටියි.

ඔහුගේ සැත්කම සදහා මෙම මුදල් එකතු කළ බවත් තවත් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් උපකාර කළ හැකි අය වෙතොත් තමා අමතන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.
සිද්ධිය පිළිබදව මාතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *