27 April 2024
#දේශීය

දහසක් ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය කොවිඩ් – විපක්ෂ නායක සජිත්

ජනතාවගේ දහසක් ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය කොවිඩ් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ හම්බන්තොට, මුල්කිරිගල ආසනයේ සමගි ජනබලවේගයේ මිද්දෙනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 22 වනදා එක්වෙමිනි.

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් හෙතෙම පැවසීය.

කර්මාන්ත ශාලා ටික වැසී යන අතර අපේ රටට ලැබුණු ඍජු විදේශීය ආයෝජන අද පහලටම වැටිලා තිබෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය. ඒ හැම ප්‍රශ්නෙටම ආණ්ඩුවට තිබෙන උත්තරය කොරෝනා බව කී විපක්ෂ නායකවරයා Corona වියසනය මැදත් නැගී සිටි රටවල් ඇති බව ආණ්ඩුව අමතක කොට ඇතැයි ද පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිවයුතු ඇතැයිද පැවසූ විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය ශ්රේණිගත කිරීම් සියල්ලෙන්ම පාහේ රට බලවත් අවධානමකට වැටී ඇතැයිද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *