• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමේ බාධා ඉවත් කරන්න – අගමැති

26 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට උපදෙස් දුන්නේය.

අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ ඊට එක්වෙමිනි.

මෙම අමාත්‍යාංශයට අයත් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය යන ආයතන වල ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරිණි.

ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරණ බවත්, පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබා ගත හැකි බවත් මෙහි දී හෙළි විය.

ඒ අනුව පවතින විදුලි අර්බුදය විසදීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය.

2030 වර්ෂය වන විට ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති විදුලි අවශ්‍යතාව වන ගිගා වොට් පැය 28, 200න්, ගිගාවොට් පැය 19,800ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් 70%ක පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට නම් දැනට ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලයේ 1969 පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහි දී කියා සිටියහ.

පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කර ඉටු කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වීම මන්දගාමීව බවට ද මෙහි දී කරුණු ඉදිරිපත් විය.

කෙසේ වෙතත් වර්තමානයේ පැන නැගී ඇති විදුලි අර්බුදයට වහා විසදුම් අවශ්‍ය බව කියා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදුලි අර්බුධයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දුන්නේය.

මිලියන 22 වන ලංකාවේ ජනගහනයෙන් මිලියන 6ක් පමණ සමෘද්ධි සහනාධාර ලබන බවත් ඒ සඳහා රුපියල් මිලියන 62ක් පමණ මාසිකව වැය කරන බවත් මෙහි දී අනාවරණය වූ අතර සමෘද්ධිය ලැබිය යුතුම ඇතමෙකුට එම සහනාධාරය නොලැබී අනවශ්‍ය පුද්ගලයන්ට ද සමෘද්ධිය ලැබෙන බවට තොරතුරු ඉදිරිපත් විය.

තිරසාර සංවර්ධන ප්‍රගතිය මැනීමේ දත්ත පැවතියේ දර්ශක 46කට පමණක් බවත් එම දත්ත මේ වන විට දර්ශක 105ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී ඇති බවත් මෙහි දී අනාවරණය වූ අතර දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආසියා ෆැසිපික් කලාපයේ 10 වන තැනට පත්ව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම්වරුන් වන ඒ.විමලවීර, ඩී.කේ.විජේසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී අනුර කුමාර, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ රම්‍යා කාන්ති, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු පී.පී.ඩී.එස්. මුතුකුමාරණ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එච්.ඩබ්ලිව්.ඒ.කුමාරසිරි, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂිනි වීරකෝන්, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා මොහොට්ටි මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපය ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා – විපක්ෂ නායක සජිත් කියයි

Next Post

මාතලේ ඇවිදින මංතිරුව විවෘත කෙරේ

editor

editor

Next Post

මාතලේ ඇවිදින මංතිරුව විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved