• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවින්ට සහන යළිත්… කාබනික පොහොරවලට මෙය අවස්ථාව නොවේ – අගමැති

11 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මොන තරම් හොඳ වුනත් කාබනික පොහොර ලබා දීම අවස්ථාව මෙය නොවන බවත් ගොවියාට පොහොර සහනාධාරය යළි ලබා දීමට අප කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ අර්බුදවලට විරුද්ධව පාරට බැහැලා සිටියාට ඩොලර් හම්බ වෙන්නේ නෑ. අද ජාතික කොඩිය ලෙල දෙමින් ඔබ විරෝධතාවල නියැලෙමින් සිටින අතර එහිදී ඔබලාගේ රටට ඇති ආදරය ගෞරවය අප දකිනවා.

කෙසේ වෙතත් අර්බුද විසදන්න ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ලැබු සියළු මන්ත්‍රීවරුන්ට පවතින අර්බුධ වලට විසදුම් ලබා දීමට රජයට සහාය දක්වන ලෙස ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.  

 

වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ වි‍ශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මිත්‍රවරුණි,

අපේ රටේ ඉතාම තීරණාත්මක මොහොතක ඔබ අමතන්නට මට සිදුව තිබෙනවා. මගේ පනස් වසරකට අධික දේශපාලන ජීවිතය තුළ ඉතාම තීරණාත්මක දේශපාලන සන්ධිස්ථාන රාශියක් පසුකර තිබෙන බව මම කියන්න ඕනෑ.

මිත්‍රවරුණි,

කොරෝනා වසංගතයෙන් පස්සේ අපිට මුහුණ දෙන්න සිදුවුණු ආර්ථික ප්‍රශ්නය අපේ රටේ ජනතාව හොඳින් තේරුම් අරගෙන තිබෙන බව මම විශ්වාස කරනවා. මේ වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගන්න අපට පුළුවන් වුණත් දැන් අපේ රට විශාල ආගාධයකට ලක්වෙමින් තිබෙන හැටි අපට දැනෙනවා. රට වසා තැබීමත් එක්ක විදේශ විනිමය එන මාර්ග ඇහිරුණ හැටිත්, විදේශ සංචිත සිඳී ගිය හැටිත් මම අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. තෙල් නැව මුහුදේ පෙනි පෙනී තියෙද්දී ඒක බා ගන්න ඩොලර් නැති නිසා ජනතාවට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

යුද්ධය ජය අරගෙන 2010 ජනාධිපතිවරණයෙන් ජයගත්ත මොහොතේ ජනතාව අමතලා කළ කතාව මට මේ මොහොතේ සිහිපත් වෙනවා. “අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් බිහි කරනවයි කියලා” එදා මම කිව්වා. ඒ සඳහා බලාගාර ඉදිකරගෙන වැඩ කළත් ඒ බලාපොරොත්තු අපට ඉටු කිරීමට නොහැකි වූයේ පසුගිය රජය අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන නොගිය නිසයි. ඒක තමයි ඇත්ත.

තෙල්, පෝලිම්වල දින ගණන් රස්තියාදු වුණ ජනතාවගේ වෙහෙස අපට තේරෙනවා. ගෑස් ගන්න පෝලිම්වල රස්තියාදු වුණ කාන්තාවන්ගේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවනි. බඩු මිල අහස උසට නැගලා තියෙන තත්ත්වය හමුවේ ජනතාව විඳින දුක්ගැහැට ගැන අපි කාටත් හොඳ අවබෝධයක් තිබෙනවා.

මිත්‍රවරුණි,

අපි හැම පක්ෂයකටම ආරාධනා කලා එකතු වෙලා රට ගොඩ ගමු කියලා ඒත් ආවෙ නෑ. මේ වෙලාවෙ පක්ෂ ගැන හිතනවාට වඩා රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමයි අප සියලුදෙනාගේම වගකීම වන්නේ.

කවුරු වගකීම බාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂය හැටියට අපි ඒ අවසාන වගකීම භාර ගත්තා. අපි මේ ගැටළුවලට විසදුම් ලබා දෙනවා.

30 වසරක ත්‍රස්තවාදී තර්ජනය නිමා කරලා මේ රටේ ජනතාව තුල තිබුණ මරණ භය තුරන් කළේ මේ වාගේ ඉරණමකට, වේදනාවකට ජනතාව පත් කරන්න නෙවෙයි. අපි අධිවේගී මාර්ග හැදුවේ, නවීන පාරවල් හැදුවේ තමුන්නාන්සේලාව ඒ පාරවල්වල පෝලිමේ තබන්න නෙවෙයි. අපි වරායන් හැදුවේ, සල්ලි ගෙවා ගන්න බැරිව තෙල් නැව් වරායන්වල රස්තියාදු කරවන්න නොවෙයි.

වෙන රටවල කොරෝනා වසංගතය නිසා දහස් ගණන් මැරෙද්දී සියලු පහසුකම් තියෙන කොරෝනා මධ්‍යස්ථාන හදලා, කෑම බීම, බෙහෙත් ටික, කොත්තමල්ලි කෝප්පයක් දීලා රටම එන්නත් කරවලා ජනතාවගේ ජීවිත රැක ගත්තේ කඳුළු ගෑස්වලට, වෙඩි උණ්ඩවලට බිළි කරන්න නෙවෙයි. අපේ රටේ සෑම ප්‍රශ්නයකදීම ජනතාව රැක ගන්න උපරිම කැප කිරීම් කරපු ඉතිහාසයක් තමයි අපට තියෙන්නේ.

අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නත් සෑම උත්සාහයක්ම ගන්නවා.

මිත්‍රවරුණි,

මේ ආණ්ඩුව විදේශවලින් ණය ගැනීම සීමා කළේ ජනතාවත් සමග ධෛර්යයෙන් වැඩ කරලා ලංකාව ණය නැති රටක් කරන්න.

ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ වුණත් විදේශවලින් උදව් ගන්නකොට රටේ ස්වාධීනත්වය රැකගෙන උදව් ගන්නයි මේ ආණ්ඩුව නිතරම උත්සාහ කළේ. ඒ නිසාම විශාල ආයෝජන ලංකාවට ගෙන්න ගන්න තිබුණ අවස්ථාත් ඇතැම් අවස්ථාවල ජන මතයට ගරු කරලා අපි පස්සට ගත්තා.

මිත්‍රවරුණි,

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහය කඩා බිඳ නොදැමෙන විදිහේ තීන්දුවක් ගැනීමයි ජනතා පරමාධිපත්‍ය ලබාගත් අපේ වගකීම වන්නේ. ඒ අරමුණ ඇතිව පමණයි අපි වැඩ කරගෙන යන්නේ. මතක තියාගන්න අහිමි වීම වාගේම අතහැරීමත් දේශපාලනයේදී අපට හොඳට පුරුදුයි.

මිත්‍රවරුණි,

පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම (225) එපා කියන සටන් පාඨය දැන් ඇහෙනවා. එයින් අදහස් කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම නම් එහි භයානකකම ඉතිහාසය දිහා බලලා තේරුම් ගන්න ඕනැ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මුළු පාර්ලිමේන්තුවම විනාශ කරන්න හැදීමෙන් වුන විපත අපි දෑසින් දැක්කා.

එදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරපු නිසා පාරවල් දිගේ තරුණ ලේ ගලා ගියා. ටයර් සෑ මත දහස් ගණන් තරුණයෝ පණ පිටින් පිච්චුනා. 1988/89 අඳුරු යුගයේදී 60 දහසකට අධික තරුණ ජීවිත අපේ රටට අහිමි උනා. අපි එදා තරුණ ජීවිත රැක ගන්න දරපු මහන්සියේ තරම ඔබගේ වැඩිහිටියන්ගේ මතකයේ තියෙන බව අපි දන්නවා.

දකුණට වාගේම උතුරේ තරුණයන්ටත් මම ඒ ගැන මතක් කරලා දෙන්න ඕනෑ. ඒ අතීතය ඔබගේ අම්මා තාත්තාගෙන් වැඩිහිටියන්ගෙන් ඇහුවොත් කියලා දේවි. පාර්ලිමේන්තුව එපා, ඡන්ද එපා කියලා මහජන නියෝජිතයෝ මහමග මරා දාලා තමයි 1970 – 80 කාලේ උතුරේ තරුණයෝ පටන් ගත්තේ.

ඒ ආරම්භ කළ දේශපාලන ව්‍යාපාර නිසා වසර තිහක් උතුරේ පමණක් නොවෙයි දකුණේ ජනතාවත් දුක් වින්දා. බිම් බෝම්බවලට, වෙඩි උණ්ඩවලට දස දහස් ගණන් ගොදුරු වුණා. උන්හිටි තැන් අහිමි වුණා. ටිකෙන් ටික පාසල් දරුවනුත් විරෝධතාවලට පාරට ඇදගෙන යන්න පටන් ගත්තා.ඊළඟට කළේ පාසල් දරුවන් බලෙන් යුද්දෙට ඇදගෙන යන එක. එදත් පටන් ගත්තේ පාර්ලිමේන්තුවම එපා කියලයි. ඒවායේ විපාක දන්න අපි ආදරණීය දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ අඳුරු අතීතයට ඔබ ඉපදුන, ජීවත්වෙන මේ මව්බිම ආයෙත් සැරයක් ගෙනියන්න එපා කියලා.

මිත්‍රවරුණි

අද අපි මුහුණ දී තිබෙන අර්බුදය ජය ගන්න අපි දැවැන්ත වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා. ජනාධිපතිතුමාගේත් ආණඩුවේත් හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ අර්බුදයෙන් අපේ රට ගොඩගන්නයි. ගොවියාට ඉතිහාසයේ වැඩිම සහන දුන්න අපිට දැන් ගොවියා විරුද්ධයි. මොන තරම් රටට හොඳක් වුණත් කාබනික පොහොර වැඩපිළිවෙළ ගෙනියන්න මේක වෙලාව නොවේ. ඒ නිසා අපි පොහොර සහනාධාරය යළි ලබා දෙන්න තීන්දු කරලා තිබෙනවා. දරාගන්න බැරි ජීවන වියදම වගේම කඩදාසි හිඟ වීම දක්වා මුහුණ දීලා තිබෙන අර්බුද වලින් රට ගොඩ ගන්න ඕනේ. දවස් දෙක තුනකින් බැරිවුනත් හැකි ඉක්මනින් මේ අර්බුදයට යන ගමන නවත්වන්න අපි කටයුතු කරනවා.

මිත්‍රරවරුනි,

ඔබ පාරේ විරෝධතා දක්වන සෑම තත්පරයකම අපේ රටට ඩොලර් ලැබෙන්න තියෙන අවස්ථා අහිමි වෙනවා. මහා ප්‍රතිසංස්කරණ කරන්න කලින් ජාතියට අත් වී ඇති මේ විනාශයෙන් රට බේරා ගැනීම අප කාගේත් වගකීමයි. ඒ සඳහා ශක්තිය තිබෙන ධෛර්යය තියෙන හැමෝටම අපි දැනටමත් ආරාධනා කරලා තිබෙනවා. ඔබ සියලු දෙනාගේම ඉවසිලි වන්ත ධෛර්යය මේ මොහොතේ රටට උවමනා බව මතක තියා ගන්න.

ආදරණීය, දුවේ පුතේ, අපි දන්නවා ඔබ කවුරුත් උපන් බිමට අසීමිතව ආදරය කරන බව.

එදා තරුණයන් භීෂණයෙන් බේරා ගන්න පාද යාත්‍රාවේ යනකොට පයේ පෑගුණ වැලි කැටවලට වඩා වැඩියි මටත් පවුලේ අයටත් මේ වන විට කියලා තියෙන නින්දා අපහාස. ඒවා අපට දරා ගන්න පුළුවන්.

එහෙත් රට වෙනුවෙන් රාජකාරියේ යෙදෙන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සේවයේ යෙදෙන අයට හිරිහැර, අපහාස කරන්න එපා. අද ඔබ නිදහසේ බය නැතිව මහ මග ගමන් කරන්නේ විරෝධතා දක්වන්නේ රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගයෙන් ඔබට රටක් ඉතිරි කර දුන් නිසා බව මතක තබා ගන්න.

ඒ වාගේම කොරෝනා වසංගතයෙන් ඔබව බේරාගන්න මහා පරිත්‍යාගයක් කළ විරුවන් බව ඔබ කෙළෙහි ගුණ දත් අය හැටියට මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

දුවේ, පුතේ,

විරෝධතාවලදී ඔබගේ අතේ ජාතික කොඩිය ලෙල දෙනවා මම දකිනවා. ජාතික කොඩිය අපි උපන්න මේ බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් රටක් හදා දුන්නේ අපි. එදා ඒ අභියෝග වලට මුහුණ දුන්න ධෛර්ය වගේම පන්නරය තවමත් අපට තියෙනවා.

තෙරුවන් සරණයි!

 

Post Views: 13
Previous Post

JAT අඛණ්ඩ 4 වැනි වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

මාතලේ මහ රෝහල් කාර්ය මණ්ඩලයත් උද්ඝෝෂනයක

editor

editor

Next Post

මාතලේ මහ රෝහල් කාර්ය මණ්ඩලයත් උද්ඝෝෂනයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved